ලිංගික අපරාධ නිසා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරෙයි
පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ, එම ප්‍රාන්තයේ කාන්තාවන්ට සහ කුඩා දරුවන්ට එරෙහි ලිංගික අපරාධ ඉහළ යාම හේතුවෙන්.
මාධ්‍ය හමුවක් පවත්වමින්, පන්ජාබ් ප්‍රාන්ත ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කලේ, කාන්තාවන් සහ කුඩා දැරියන්ට එරෙහිව ලිංගික අපරාධ ඉහළ යෑම බරපතල සමාජීය ගැටළුවක් බවයි.
‘‘දිනපතා පන්ජාබ් ප්‍රාන්තයෙන් ස්ත්‍රී දූෂණ පහක් හෝ හයක් වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගැනීම කළ යුතුයි. නීති දැඩි කළ යුතුයි. ලිංගික හිරිහැරවලට කිසිදු ඉඩක් ලබාදිය යුතු නැහැ.’’ යැයි පන්ජාබ් ප්‍රාන්ත ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් සඳහන් කළා.