සුපිරි ඉන්දීය නළු අනීල් කපූර් ලංකාවට…
“ද නයිට් මැනේජර් ” නැමති බ්‍රිතාන්‍ය කතා මාලාවක හින්දි අනුවර්තනය රූගත කිරීම සඳහා ඉන්දීය සුපිරි නළු වන අනිල් කපූර් සහ ආදිත්‍ය රෝයි කපූර් දිවයිනට පැමිණ තිබෙනවා.
මේ වන විට ඔවුන් දකුණු පළාතේ රෑගත කිරීම් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.
නළු නිළියන් ඇතුළු 180කට ආසන්න නිෂ්පාදන කණ්ඩායමක් මෙරටට පැමිණ තිබෙනවා.
අනිල් කපූර් විසින් බෙන්තොට වෙරලේ සුන්දරත්වය පිළිබිඹු කරන ඡායාරූප මෙන්ම සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවාගේ ලුණු ගඟ පරීශ්‍ර පසුබිමේ සිට ගත් ඡායාරූප ඔහුගේ සමාජ මාධ්‍යයන්ට එක්කර තිබෙනවා.
මේ පිරිස මසකට ආසන්න කාලයක් මෙරට රැඳී සිටීමට නියමිත බව වාර්තා වෙනවා.