පාසල් සිසුවෙකු නිවසේදී ගෙල වැළලාගෙන මියයයි
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව – ගැටලාව ප්‍රදේශයේ පාසල් සිසුවෙකු ඊයේ (03) සිය නිවස තුළදී ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ,මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටීමට නියමිත පාසල් සිසුවෙකු බවයි පොලිසිය සඳහන් කලේ.
සිසුවාගේ මව වෙනත් විවාහයක් සිදු කරගෙන ඇති අතර පියා මීට මාස එකහමාරකට පමණ පෙර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ අනුව අදාළ සිසුවා සිය මිත්තණිය භාරයේ හැදී වැඩි ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කළා.