රාජ්‍ය දේපළ හා ජීවිත හානි වළක්වා ගැනීමට හමුදාවට බලය ලැබෙයි
රාජ්‍ය දේපළ හා ජීවිත හානි වළක්වා ගැනීමට හමුදා සාමාජිකයින්ට බලය පැවරූ බව යුධ හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ අනුව ආරක්ෂක හමුදාවට හෝ මහජන දේපළවලට හානි කිරීම උදෙසා ප්‍රචණ්ඩත්වය වැඩිකරමින් කටයුතු කරන සියලුම දෙනා වහාම එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටිය යුතු බව එම නිවේදනයේ දැක්වෙනවා.
එසේ නොමැති වුවහොත් පවතින තත්ත්වයට අනුකූලව හා සරිලන පරිදි ආරක්ෂක හමුදාව සතු සියලු බලතල භාවිතා කිරීමට ඉදිරියේදී සිදුවන බවද යුධ හමුදාව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, මහජන දේපළ මෙන්ම සියලු මර්මස්ථාන සහ මහජන ජීවිත සුරැකීමේ අනුලංගනීය වගකීම පැවරී ඇති ආරක්ෂක හමුදාව එම බලය භාවිතා කිරීමට කිසිසේත්ම මැලි නොවන අතර එවැනි තත්ත්වයකදී උදාවිය හැකි පසු ආදීන පිළිබඳ වගකීම මෙම ප්‍රචණ්ඩකාරීන් විසින් දරාගත යුතු බවයි.