Latest News

ලොව අංක එකේ ටෙනිස් ශූරිය ක්‍රීඩාවෙන් සමුගනියි…

ලොව අංක එකේ ටෙනිස් ක්රීඩිකා ඈෂ්ලි බර්ටි ටෙනිස් ක්රීඩාවට සමුදීමට තීරණය කර තිබෙනවා.

ඇය සිය සමාජ මාධ්ය හරහා ” වෙනත් සිහින හඹා යාම සඳහා ටෙනිස් ක්රීඩාවට සමුදෙන බව ” ප්රකාශයට පත් කර තිබෙනවා.

25 හැවිරිදි ඕස්ට්රේලියානු ජාතික ඇෂ්ලී බර්ටිගේ මෙම නිවේදනයත් සමග ක්රීඩා ලෝකය කම්පාවට පත්ව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා .

2019 වසරේ ප්රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේදී සිය පළමු ග්රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනා ගැනීම හා 2021 වසරේ විම්බිල්ඩන් ශූරතාවය දිනාගැනීමෙන් ඇය ලොව අංක එකේ ස්ථානය හිමි කරගෙන තිබෙනවා.

ඒ වගේම ඇය මෙම වසරේ ජනවාරි මාසයේ පැවැත්වූ ඕස්ට්රේලියානු විවෘත තරඟය ඇතුළු ග්රෑන්ඩ් ස්ලෑම් කේවල ඉසව් තුනක් ද ජයග්රහණය කර තිබෙනවා.