දකුණු ආසියා කාන්තා පැසිපන්දු ශූරතාව ශ්‍රී ලංකාවට
දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.
මෙවර තරඟාවලිය සඳහා සත්කාරකත්වය දැරුවේ මාලදිවයිනයි.
පස්වන වරට පැවැති දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරඟාවලියේ අවසන් තරඟය පැවැත්වුණේ මාලේ නුවරදීය.
ශ්‍රී ලංකා කාන්තා පැසිපන්දු කණ්ඩායම ලීග් වටයේ තීරණාත්මක අවසන් තරඟයේදී සත්කාරක මාලදිවයින පරාජය කරනු ලැබුවා.
දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරඟාවලිය සඳහා කණ්ඩායම් 6ක් එක් වුණා.
එහිදී අවසන් තරඟයට සුදුසුකම් ලබාගත්තේ, ශ්‍රී ලංකාව සහ සත්කාරක මාලදිවයින කණ්ඩායමයි.
පළමු අර්ධය නිමා වනවිට ශ්‍රී ලංකාව ලකුණු 46 ට 22ක් ලෙස පෙරමුණ ගෙන තිබුණා.
දෙවන අර්ධය නිමා වනවිට ලකුණු 72ට 59ක් ලෙස පෙරමුණ ගත් ශ්‍රී ලංකාව පැසිපන්දු ක්‍රීඩිකාවන් මෙවර එහි ශූරතාව දිනාගත්තා.
දකුණු ආසියානු කාන්තා පැසිපන්දු තරඟාවලියේ ශූරතාව ශ්‍රී ලංකාව හිමිකරගත්තේ දෙවන වරටයි.