පියා ගිය මග යමින් දියණියද අභ්‍යවකාශය තරණය කරයි
පියා අභ්‍යවකාශය තරණය කර වසර 60කට පසුව ඔහුගේ දියණිය ද අභ්‍යවකාශය තරණය කිරීමට සමත්ව තිබෙනවා.
ඇලන් ෂෙෆර්ඩ් යනු අමෙරිකාවේ පළමු අභ්‍යවකාශගාමියා ලෙස හැඳින්වෙයි.
ඔහු 1961 මැයි 5 වනදා මර්කරි නම් යානයෙන් අභ්‍යවකාශ ගත විය.
කෙසේවෙතත් ඔහු 1998 දී ජිවිතක්ෂයට පත් වුවා.
ඇලන් ෂෙෆර්ඩ් අභ්‍යවකාශය ජයගෙන වසර 60කට පසුව ඔහුගේ දියණිය ලෝරා, අභ්‍යවකාශය ට යෑමට සමත් විය.
ජෙෆ් බෙසොස් ගේ බ්ලූ ඔරිජින් ස්පේස් සමාගම සතු වානිජ්‍ය අභ්‍යවකාශ යානාවේ ගමනකට එක්වෙමින් ඇය එම වරම හිමිකර ගත්තා.
ලෝරා මේවන විට 74 හැවිරිදි වියේ පසුවේ.
ලොව සිටින විශාලම ධනවතුන්ගෙන් කෙනෙක් වන බෙසොස් ගේ අරමුණ වන්නේ අභ්‍යවකාශය සඳහා සංචාරකයින් ගෙන යෑමයි.