Latest News

දැරිය ලිංගික අපයෝජනයකට ලක්වී නැහැ – පශ්චාත් මරණ පර්ක්ෂණයෙන් හෙළි වෙයි

බණ්ඩාරගම, අටළුගම ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ 09 හැවිරිදි දැරියගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද(30) පානදුර රෝහලේදී පැවැත්වුණා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ, ඝාතනයට ලක්වූ 09 හැවිරිදි දැරිය ලිංගික අපයෝජනයට ලක්ව නොමැති බවත් ඇය දියේ ගිල්වා ඝාතනය කර ඇති බවත්ය.

මේ අතර දැරියගේ ඝාතන සිද්ධියට අදාළව සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ, 29 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කලේ.

පසුගිය 27 වනදා බණ්ඩාරගම – අටළුගම ෆාතිමා අයීෂා අක්‍රම් දැරිය අතුරුදන් වී තිබුණේ නිවස ආසන්නයේ වෙළෙඳසලකට කුකුළු මස් මිලදී ගැනීම සඳහා ගොස් ආපසු පැමිණෙමින් සිටින අතරතුරයි.

ඊට පසුදින පස්වරුවේ දැරියගේ සිරුර, නිවසට යාබද වගුරු බිමක තිබී සොයාගැනුණු අතර, සිද්ධියට අදාළව දැනටමත් පවුලේ සාමාජිකයන් හා අසල්වැසියන් ඇතුළු 30 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.