ATM කාඩ්පතකින් මුදල් වංචා කළ ඉන්දියානුවන් 2 ක් පොලිස් දැලේ
ඒ ටී එම් කාඩ් මගින් මුදල් වංචා කළ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු ග්‍රෑන්ඩ්පාස් සිරිල් සී පෙරේරා මාවතේදී ඊයේ (20) රාත්රියේදී අත්අඩංගුවට ගෙන තිඛේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති ඉන්දීය ජාතිකයින් දෙදෙනා ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ සහ කුෂිනගර් පදිංචි ශ්‍රී ලංකාවේ ඉදිකිරිම් සමාගමක සේවය කරන සේවකයින් දෙදෙනෙකි.
සැකකරුවන් විසින් රු 45423 ක් වංචා කොට ඇති බව විමර්ශනවලදී හෙළිවී තිඛේ.
ක්‍රීඩා අමාත්‍යංශයේ සේවයේ නියුතු නිලධාරියෙකුගේ බැංකු කාඩ්පතකින් මෙලෙස මුදල් වංචා කළ ඇති බව පොලිසිය පවසයි.
ප්‍රශ්න කිරිමේදී සැකකරුවන් පවසා ඇත්තේ තමන් සේවය නිමවා නවාතැනට යන අවස්ථාවේ බිම වැටී තිබු කාඩ්පතකින් මෙලෙස මුදල් වංචා කළ බවකි. ඉදිරි විමර්ශන කටයුතු ග්‍රෑන්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් ජයසුන්දර / උප පොලිස් පරීක්ෂක ඩී ආර් මදුරංග විසින් සිදු කරයි.
හේමන්ත ලියනපතිරණ
