කළු දොදොල්
අවශ්‍ය ද්‍රව්‍ය
හාල් පිටි කිලෝ 1
හොඳින් පැසුණු පොල් ගෙඩි 18
හකුරු කිලෝ 1 1/2
කජු මද ග්‍රෑම් 200
කරාබු නැටි 5
කරදමුංගු 5
ලුණු තේ හැඳි 1/4
සාදන ක්‍රමය
* හාල්පිටි තරමක් බැද ගන්න.
* පොල් ගා එයට වතුර එකතු කරමින් පළමුවැනි, දෙවැනි, තුන්වැනි කිරි මිරිකා වෙන් වෙන් වශයෙන් තබන්න.
* ඝනකම් තාච්චියක් ගෙන පළමු කිරි හැර අනිත් කිරි, පිටි සමග හකුරු දමා ළිප තබන්න.
* අඩිය නොඇළෙන පරිදි දොදොල් හැන්දක ආධාරයෙන් හැඳිගාන්න.
* මෙම මිශ්‍රණය ඝනවීගෙන එන විට කිරි ටික ටික එකතු කරමින් අඩු ගින්දරින් තෙල් මතුවන තුරු හැඳි ගාන්න.
* මතු වූ තෙල් ඉවත් කර ගන්න.
* කරාබුනැටි, කරඳමුංගු, කජු එක්කර ගන්න.
* අතේ නොඇළෙන පරිදි උයා ගැනීමටත්, තාච්චියේ අඩිය නොඇල්ලෙන පරිදි සාදා ගැනීමත් අත්‍යවශ්‍ය වේ.
* ඉන් පසු තැටියකට දමා කෑලි කපා ගන්න.
ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා