Latest News

“අයියෝ සාමි” ගීතය රටවල් හතරක YOUTUBE TRENDING

මේ දිනවල වඩාත් ජනප්‍රිය ගීතයක් වූ වින්ඩි ගුණතිලකගේ “අයියෝ සාමි”දමිල ගීතය මේ වන විට විදෙස් රටවල් තුනක YOUTUBE TRENDING බවට පත්ව තිබෙනවා.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ YOUTUBE TRENDING 6# ලෙසත් දෝහා කටාර් YOUTUBE TRENDING 10# ලෙසත් කුවේට් හි YOUTUBE TRENDING 27# ලෙසත් පැමිණ තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ “අයියෝ සාමි” ගීතය රටවල් හතරේම එකවර YOUTUBE TRENDING පැමිණීමයි.

“අයියෝ සාමි” ගීතය සනුක වික්‍රමසිංහ විසින් සංගීතවත් කර ඇති අතර එහි පද රචනය සිදු කර ඇත්තේ, පොතුවිල් අස්මින් විසින්.

මෙම ගීතය ශ්‍රී ලංකාවේ YOUTUBE නැරඹුම්වාර මිලියන 7 සීමාව පසුකර ඇති අතර දින ගනාවක් මුළුල්ලේ YOUTUBE TRENDING #1 වී තිබෙනවා