Latest News

සුනඛයින් කා දැමු බිළිඳු මළ සිරුරක් පොතුපිටියෙන් සොයා ගැනෙයි

සතුන් විසින් සපා කමින් තිබු නොමෙිරූ බිළිඳු මළ සිරුරක් රක්වාන පොතුපිටිය ප්‍රධාන මාර්ගයේ රඹුක පාසල අසල ඉදිරිපිට මාර්ගයේ තිබියදි ඊයේ (11) උදෑසන සොයා ගෙන තිබෙනවා.

මෙහිදී පොතුපිටිය පොලිසිය සඳහන් කළේ,එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා විසින් සිදුකළ දැනුම් දීමකට මාර්ගයේ දමා ගොස් තිබු බිළිඳු මළ සිරුර හමුවු බවත් ඒ වන විටත් සුනඛයන් විසින් ශරීරයේ සමහර කොටස් සපා කා ඇති බවයි.

රත්තපුර අතිරේක මහේස්ත්‍රාත්වරයා එදින සවස අදාළ ප්‍රදේශයට පැමිණ මළ සිරුර පරික්ෂා කර ඇති අතර මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සදහා දේහය රත්නපුර මහ රෝහලේ අධිකරණ වෙෙද්‍යවරයා වෙත යොමු කරන ලෙස නියෝග කර තිබෙනවා.

රත්නපුර ශික්ෂණ රෝහලේදි මරණ පරික්ෂණ කටයුතු අද (12) කිරිමට නියමිතයි.