Latest News

අවුරුදු 2ක් වයසැති බිළිඳෙකු වතුර බේසමකට වැටී මරුට

නිවස ඉදිරිපිට වතුර කරාමයක් අසල තිබූ කුඩා වතුර බේසමකට වැටීමෙන් අවුුරුදු 2 මාස තුනක් වයසැති බිළිඳකු ඊයේ (13) දහවල් මිය ගොස් ඇතැයි තිණියාවල පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ තිණියාවල පොලිස් වසමේ 6 , කණුව , නෙළුව පාර , පැලවත්ත ප්‍රදේශයේ පදිංචි මරේන් නිරෝෂ්ගේ ඔිෂධ නෙත්සිරි නමැති දරුවායි.

සිය පියා සමග සිටි දරුවා මොහොතකින් ඔහුගෙන් ඉවතට ගොස් ඇති අතර පසුව සොයා බලනවිට නිවස අසල රෙදි සොදා ඉතිරිව තිබු සබන් වතුර සහිත කුඩා වතුර භාජනයකට වැටි සිටියදි හමුවී ඇතැයි පොලිසිය පවසනවා.