Latest News

ඉන්ධන හිඟය නිසා දින දෙකක බිළිඳියක් මරුට

ඉන්ධන හිඟය හේතුවෙන් රෝහල් ගත කිරීම ප්‍රමාද වී දින දෙකක් වයසැති බිළිඳියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, හල්දුම්මුල්ල, සොරගුණේ, රදාකඳුර ප්‍රදේශයේ පදිංචි බිළිඳියක්.

පසුගිය (21) වනදා රාත්‍රියේ ශරීරය කහ ගැන්වී ගැහෙන්නට පටන් ගැනීම හේතුවෙන් දරුවා රෝහල්ගත කිරීමට කටයුතු කිරීමේදී ඉන්ධන නොමැති වීම නිසා ත්‍රිරෝද රථයක් සොයා ගත නොහැකි වී තිබෙනවා.

කෙසේවෙතත් දරුවා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති අතර දරුවා ප්‍රමාද නොවී රෝහල්ගත කළා නම් ජීවිතය බේරා ගැනීමට හැකියාවක් තිබු බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

බිළිඳියගේ පශ්චාත් මරණ පරීක්ෂණය දියතලාව මූලික රෝහලේ දී සිදුකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බිළිඳියගේ පියා මරණ පරීක්ෂණයේදී සාක්කි දෙමින් සඳහන් කර ඇත්තේ, අසනීප දරුවා රෝහල්ගත කිරීමට ඉන්ධන නොමැති වීම නිසා ත්‍රිරෝද රථයක් සොයා ගැනීමට නොහැකි වීමෙන් තම දියණිය ජීවිතක්ෂයට පත්වූ බවයි.