Latest News

වන අලියකු ඝාතනය කිරීමේ චෝදනාවකට කාන්තාවක් අත්අඩංගුවට

වන අලියකු ඝාතනය කලේ යැයි චෝදනාවට මුලතිව් ඔට්ටුසුඩාන් ප්‍රදේශයේ කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වනජීවී නිළධාරීන්ගේ පැමිණිල්ලක් අනුව ඔට්ටුසුටාන් ඔතියමලේ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත් අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය ප්‍රකාශ කළා.

සැකකාර කාන්තාවගේ ඔතියමලේ ප්‍රදේශයේ පිහිටි කුඹුරක අවුරුදු 8ක් පමණ වයසැති වන අලියකු මැරී සිටි බවත්, සිද්දිය සම්බන්ධයෙන් කළ මූලික පරීක්ෂණ අනුව කුඹුර වටා විදුලි රැහැන් ඇද තිබූ බවට සැක කරන බවත් මුලතිව් වනජීවී නිළධාරීන් පවසා තිබෙනවා.

විදුලි සැර වැදීමෙන් අලියා මිය යන්නට ඇතැයි සැකකරන හෙයින් සිද්දිය පිළිබඳව වනජීවී නිළධාරීන් මෙලෙස පොලිසියට පැමිණිලි කොට තිබෙනවා.