Latest News

වසර 100කට පසු උපත ලැබූ පවුලේ ප්‍රථම ගැහැණු දරුවා

එක්සත් ජනපදයේ යුවළක් වසර 100කට පසු ස්වාමිපුරුෂයාගේ පවුලේ ප්‍රථම ගැහැණු දරුවාට උපත ලබාදී තිබෙනවා.

අදාළ දැරිය 1885 සිට ඇගේ පියාගේ පැත්තෙන් උපත ලබන පළමු දියණිය බවට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දැරියගේ උපත සමගින් ඔවුන් නව පරිච්ඡේදයක් ආරම්භ කර තිබෙනවා.

එම දැරියගේ පියා ඇන්ඩෲ ක්ලාක් සඳහන් කලේ, දියණියක් උපත ලැබූ පසු ඔහු පුදුමයට පත් වූ බවයි.

මීට වසර දහයකට පෙර තමා සමග පෙම් සබඳතාවක් ආරම්භ කරන විට තම සැමියා මෙතරම් කාලයක් ඔවුන්ට ගැහැණු ළමයෙකු නොසිටි බව පැවසූ විට තමා විශ්වාස නොකළ බව දැරියගේ මව වන කැරොලින් ක්ලාක් පවසනවා.

අවුරුදු 100කට වැඩි කාලයකින් තම ස්වාමිපුරුෂයාගේ පරම්පරාවේ ගැහැණු ළමයෙක් නොසිටි බව ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

මෙම යුවළ 2021 දී ගබ්සාවකට ලක් වී ඇති අතර, එබැවින් මෙම කුඩා දරුවාගේ පැමිණීම ඔවුන්ගේ ජීවිතයට තවත් සතුටක් ගෙන දුන් බව විදෙස් මාධ්‍ය වර්තා කරනවා.

ඔවුන් ගැබ්ගෙන ඇති බව දැනගත් විට, ඒ අවස්ථාවේ පිරිමි ළමයෙක් හෝ ගැහැණු ළමයෙක් සිටීද යන්න ගැන සැලකිල්ලක් දැක්වූයේ නැති බවත් ගැබ් ගැනීම ගැන ස්තුතිවන්ත වූ අතර නිරෝගී ගැබ් ගැනීමක් සහ නිරෝගී දරුවෙකු සඳහා යාච්ඤා කළ බව දැරියගෙ මව්පියන් වැඩිදුරටත් සඳහන් කළා.