සිය පියාගේ ත්‍රීරෝද රථයට යටවී සිඟිති දියණිය මියයයි
හොරණ 20 කණුව ප්‍රදේශයේදී පියා පැදවූ ත්‍රිරෝද රථයෙන් බිමට වැටී එම ත්‍රීරෝද රථයටම යටවී අවුරුදු එකයි මාස දෙකක් වයසැති දැරියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ, පස්සර ගමේ වෙලවත්ත පදිංචිව සිටි සිලනි රුවන්යා නැමැති දැරියයි.
ත්‍රීරෝද රථයේ පිටුපස මව සහ ඇයගේ සහෝදරියන් දෙදෙනා සිට ඇති අතර දැරිය මවගේ පාද දෙක අතර තබා තිබෙන ඇඳුම් බෑගයක් මත සිටගෙන ගමන් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධව සිදුකළ විමර්ශන මගින් අනාවරණයවී ඇත්තේ , දැරිය මවගේ ඔඩොක්කුව වෙත පැමිණීමට උත්සාහ දැරීමේදී ත්‍රිරෝද රථයෙන් පිටතට විසිවී මෙම අනතුර වී ඇති බවයි.
මෙහිදී හොරණ පොලීසිය සඳහන් කලේ, ත්‍රිරෝද රථයේ දකුණු පස මව අසුන්ගෙන තිබූ අතර එකවරම දැරිය ත්‍රිරෝද රථයේ දකුණු පසින් හොරණ රත්නපුර ප්‍රධාන මාර්ගයට වැටීමත් සමගම එම ත්‍රිරෝද රථ යේම දකුණුපස පිටුපස රෝදයට ඇයගේ හිස සහ දකුණු අත යටවී අනතුරවී ඇති බවයි.
අනතුරත් සමඟ වහා ක්‍රියාත්මක වූ දෙමව්පියන් බරපතළ තුවාල ලද දැරිය හොරණ රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.
කෙසේවෙතත් වෛද්‍යවරු මූලික ප්‍රතිකාර ලබා දුන්නද මද වේලාවක දී දැරිය මියගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.