දරු ප්‍රසූතිය ගෙදරදීම සිදුකරන්න පියවර
මේ වන විට රටේ පවතින බරපතළ ඉන්ධන අර්බුදය හමුවේ ගැබිණි මවුවරුන් රෝහල්ගත කළ නොහැකි වන අවස්ථාවල නිවෙසේදී ම දරු ප්‍රසූතිය කිරීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සූදානමින් සිටින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු පවසනවා.
ක්ෂේත්රයේ රාජකාරි කරන බැවින්, රෝහලේදී මෙන්ම ක්ෂේත්රයේදීත් ගැබිණි මවුවරුන්ගේ කටයුතුවලදී සහාය දීමට හා රැකවරණය දීමට පවුල් සෞඛ්‍ය සේවිකාවන් බැඳී සිටින බව ද එතුමිය සඳහන් කළා.
එමෙන්ම සභාපතිනිය වැඩිදුරටත් සඳහන් කලේ,රටේ පවතින වතාවරණය යටතේ මේ වන විටත් ග්‍රාමීය ප්‍රදේශවල යම් යම් ප්‍රවාහන දුෂ්කරතා පවතින බැවින් ඉදිරියේ තවත් බැරෑරුම් විය හැකි යැයි සලකා නිවසේ, ක්ෂේත්රයේ හෝ ඕනෑම අවස්ථාවකදී දරු ප්‍රසූතියකට මුහුණ දෙන මවකට පහසුකම් සැපයීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සූදානම් කරන බවයි.
රෝහල්වලදී මෙන්ම, ඕනෑම ස්ථානයකදී දරු ප්‍රසූතියක් සඳහා අවසරය හා බලය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් තම සාමාජිකත්වය වෙත පවරා ඇති බැවින් මෙම තීරණය ගත් බව කොඩිතුවක්කු මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.