Latest News

විවාහ සංවත්සරය දවසේ අත්අඩංගුවට ගත් හිරුණිකාට ඇප

කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද පෙරවරුවේ කොටුව ජනාධිපති නිල නිවස අසල විරෝධතාවයේ නිරතවෙමින් සිටියදී කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර අත්අඩංගුවට පත්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ සය වන විවාහ සංවත්සරය ද අදට යෙදී තිබෙන බව සමාජ මාධ්‍ය වාර්තා කරනවා.