ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර දිවි ගමනට සමුදෙයි
ප්‍රවීණ මාධ්‍යවේදී ,රූපවාහිනී නිවේදක බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු කොළඹ පෞද්ගලික රෝහලකදී මියගොස් තිබෙන්නේ වකුගඩු රෝගයකට ප්‍රතිකාර ලබමින් සිටියදී යි.
මියයන විට එතුමා 71වන වියේ පසු වුණා.
ඔහු මාස තුනකට ආසන්න කාලයක් රෝහල් ගතව සිටි බව සමීප ඥාතීන් පවසනවා.
ශ්‍රී ලාංකේය මාධ්‍ය සහ පුවත්පත් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වූ පද්මකුමාර මහතා ලක්බිම පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘවරයෙකු සහ ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබුණා.
1991 වසරේ ලංකාදීප පුවත්පතේ සාර්ථකත්වයට දායක වූ ඔහු ශ්‍රී ලංකාවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිර්මාතෘවරයා ද වනවා.
ඔහු ලක්බිම පුවත්පතේ ආරම්භකයකු ලෙසද කටයුතු කර ඇති අතර ඔහු ඉදිරිපත් කළ වැඩසටහන් සඳහා ජාතික සම්මාන කිහිපයක්ම දිනා ගත්තා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලනය හා පුවත්පත් කලාවට සම්බන්ධ පොත් කිහිපයක් ද ඔහු විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.