නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කිමිදුම් පාඨමාලාව සම්පූර්ණ කළ කාන්තා නාවිකයින්
නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට මූලික කිමිදුම් පාඨමාලාව කාන්තා නාවිකයින් තිදෙනෙකු සාර්ථකව නිම කර තිබෙනවා.
මෙලෙස මූලික කිමිදුම් පාඨමාලාව සම්පූර්ණ කලේ, ලුතිනන් ගයන්කා සතරසිංහ, උපලුතිනන් නිමාෂා ජයවික්‍රම සහ කාන්තා බල ශාරිරික අභ්‍යාසක ජී.ඩී.ඩී සකුන්තලා යන තිදෙනායි.
අදාළ පාඨමාලාව සඳහා සහතිකපත් ප්‍රධානය කිරීම නාවික හා සාගරික විද්‍යාපීඨයේ අඥාපති කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙනවා.