Latest News

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලට ශ්‍රී ලංකික ක්‍රීඩිකාවන් දෙපළක් සුදුසුකම් ලබයි

2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරඟාවලිය සඳහා ආසියානු කලාපයෙන් සුදුසුකම් ලැබීමට ශ‍්‍රී ලංකාවේ චතුරිකා මධුශානි සහ දීපිකා බණ්ඩාර යුගළයෙන් යුත් කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ පසුගියදා මීගමුව වෙරළ තීරයේ පැවති සුදුසුකම් ලැබීමේ තරඟාවලියේදී යි.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරඟයේ දී පිළිවෙළින් සිංගප්පූරු කණ්ඩායම සහ මැලේසියාව කණ්ඩායම පරාජයට පත්කළා.

ඒ අනුව මැලේසියාව, සිංගප්පූරුව සහ ශ‍්‍රී ලංකාව යන රටවල් තුන පමණක් සහභාගි වූ කාන්තා අංශයේ තරඟවලදී ශ‍්‍රී ලංකා කණ්ඩායම අපරාජිතව අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූවා.

ඒ අවසන් මහා තරඟයේදී ද වට 2-0ක් ලෙස සිංගප්පූරු කණ්ඩායම පරාජයට පත් කරමින්.

මෙහිදී කාන්තා අවසන් මහා තරඟයේ ලකුණු සටහන වූයේ 21-18ක් හා 22-20ක් ලෙසින්.

ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සංවිධායකත්වයෙන් ජාතික ඔලිම්පික් කමිටුව, පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා සම්මේලනය සහ ආසියානු වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණය යටතේ දෙදිනක් පුරා මෙම තරඟාවලිය පැවැත්වුණා.