ඉකිලි ප්‍රදේශය පැහැපත් කරගන්න ගෙදරදීම කරගන්න පුළුවන් සත්කාර කිහිපයක්…
මකාඩ්සි කියන්නේ දකුණු අප්‍රිකාවේ ප්‍රසිද්ධ ගායිකාවක්. මීට අවුරුදු දෙකකට කලින් ඇගේ සැමියා ඇගෙන් වෙන් වුණත් ඒ කාලේ ඇය ඒ ගැන හාංකවිසියක්වත් මාධ්‍යට හෙළි කරලා නැහැ.
හැබැයි පහුගිය දවසක මකාඩ්සි නොදැනුවත්ව ඇගේ කලවා ප්‍රදේශයේ ඡායාරූපයක් මාධ්‍යට නිරාවරණය වෙලා. සිද්ධියෙන් කණගාටුවට පත්වෙච්චි මකාඩ්සි පහුගිය දවසක ඇගේ රසිකයන් එක්ක ලොකු කතාවක් බෙදාගත්තා.
“මහත වැඩිකම නිසා මගේ කලවා ප්‍රදේශය තද කළු වෙලයි තියෙන්නේ. ඒක දැකලා කවුරුහරි අපහසුතාවයට පත්වුණා නම් සමාවෙන්න. මේ ප්‍රශ්නෙන් මම සෑහෙන පීඩා විඳිනවා. මගේ දික්කසාදයට හේතුවත් ඒකයි.”
කලවා ප්‍රදේශය අවපැහැගැන්වීම නිසා ලැජ්ජාවට පත්වුණු මකාඩ්සිට සැමියා එක්ක නිසි ලිංගික සම්බන්ධතාවයක් පවත්වගන්න බැරිවුණා කියලත් ඇය මාධ්‍යට කිව්වා. ඉතින් මකාඩ්සිගේ කතාව ඇහැව්ව ඇගේ රසිකයන් ඈ ගැන හරියට සංවේදී වුණාලු.
කලවා නැත්තම් ඉකිළි ප්‍රදේශය කළුවීම නිසා පීඩාවට පත්වුණු එකම කාන්තාව මකාඩ්සි නෙමෙයි. ලැජ්ජාව නිසා කාත් එක්කවත් නොකිව්වට මේක ගොඩක් කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක්. මේ කාරණාව ගැන කතා කරන එක ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතුවේ ඒකයි.
කෙනෙක් වැඩිවියට පත්වුණාට පස්සේ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ සම ශරීරයේ අනිත් තැන්වල සමට වඩා අඳුරු පැහැයට හැරෙනවා. ඒක සාමාන්‍යයි. කලවා ප්‍රදේශය තියෙන්නෙත් ලිංගික ප්‍රදේශයට යාබදව නිසා ඉතින් ඔය ප්‍රදේශයත් තරමක් අඳුරු වෙනවා. ඒ නිසා ඉකිළි ප්‍රදේශයේ තියෙන සාමාන්‍ය අඳුරු පැහැය ගැන හිතලා බොරුවට හිත කලබල කරගන්න එපා. ඔය පැත්ත අසාමාන්‍ය විදියට කළු වෙලා නම් විතරයි ඒ ගැන හිතන්න ඕනේ.
ඉකිළි ප්‍රදේශය කළු වෙන්න බලපාන හේතු කීපයක්ම තියෙනවා. එකක් තමයි ශරීර ස්ථුලතාවය. ශරීරයේ මහත වැඩිවුණාම හෝර්මෝන අසමතුලිත වෙලා බෙල්ල, ඉකිළි, කිහිලි වගේ ප්‍රදේශ කළු පැහැවෙනවා. අනික මහත් වුණාම ඉකිළි ප්‍රදේශ නිතරම එකට ස්පර්ශ වෙනවනේ. ඒකත් ඉකිළි කළු වෙන්න හේතුවක්. ඉතින් ශරීරය මහත කෙනෙක්ගේ ඉකිල්ල කළු වෙලා නම් ටිකක් මහන්සි වෙලා බර අඩු කරගන්න එක තමා කරන්න තියෙන හොඳම වැඩේ.
ඊළඟ දේ මේ ප්‍රදේශවල පිරිසුදුකම ගැන නොහිතන එක. ලිංගාශ්‍රිත ප්‍රදේශ පිරිසුදුවට තියාගන්නේ නැතිනම් ලිංගාශ්‍රිත ප්‍රදේශ වගේම ඉකිල්ලත් කළු වෙනවා. අනික මේ ප්‍රදේශ සෝදන වාරයක් පාසා ඉකිලිවලත් තෙතමාත්තු කරන්න ඕන. මොකද නිතරම ඉකිළි ප්‍රදේශය වියළිවට තියාගන්න එක වැදගත්. ඒ වගේම දහඩිය උරා නොගන්න හිර යටඇඳුම් අඳින එකත් ඉකිළි කළු වෙන්න හේතුවක්.
ඉකිළි ප්‍රදේශ කොහොමටත් ටිකක් අඳුරුයි කියලා අපි කිව්වනේ. ඉතින් සමහර බවලතියන් ඔය ප්‍රදේශ කිරි සුදු කරගන්න හිතාගෙන විවිධ වර්ගවල ක්‍රීම් ජාති ආලේප කරනවා. ඉකිල්ල කියන්නේ හරි සංවේදී ප්‍රදේශයක්. ඉතින් ඔය ප්‍රදේශයට බ්ලීචිං, රසදිය, ස්ටෙරොයිඩ් අඩංගු ආලේපන ගෑවොත් වෙන්නේ ඉකිල්ල තිබ්බට වඩා කළු වෙන එකයි. ඒ නිසා මේ ප්‍රදේශයට එක එක ජාතියේ ක්‍රීම් වර්ග, සුවඳ විලවුන් වර්ග ගාන්න යන්නම එපා.
ඊළඟ හේතුව ටීනීයා ආසාදනය. ඔය ඉහතින් කතා කළ හේතුවලටත් වඩා ගොඩක් අයගේ ඉකිළි කළු වෙන්න හේතු වෙන්නේ මේ කාරණාව. ඔය සමහරු කතාවට පණු කැවිල්ල කියලා කියන්නේ මෙන්න මේ ලෙඩේට. පණු කැවිල්ල කියලා කට වචනෙට කිව්වට රිංග්වෝර්ම් (Ringworm) කියන දිලීරය තමයි මේ ආසාදනය ඇති කරන්නේ.
තරුණ කාලේදි වගෙම මැදි වයසෙදිත් මේ ලෙඩේ ඇතිවෙන්න තියෙන ඉඩ වැඩියි. මේ ආසාදනය හැදුනහම ඉකිල්ල අසාමාන්‍ය ලෙස කසන්න ගන්නවා. ඔය කැසිල්ලට සමහරු ‘ප්‍රීති කසානා’ කියලත් කියනවා අහලා ඇති. ඔය ප්‍රදේශය කැසීමට ලක්කරනකොට හොඳ සුවයක් දැනෙන නිසාලු එහෙම කියන්නෙ. හැබැයි ඉකිළි ප්‍රදේශය මෙහෙම නියපොතුවලින් සුරනකොට ඉබේටම වගේ ඒ තැන කළු පැහැයට හැරෙනවා කියලා ගොඩක් අය දන්නේ නැහැ.
ටීනියා කියන මේ රෝගය මුලින්ම හඳුනගෙන තියෙන්නේ දහනව වැනි සියවසේදිලු. කාලයක් හිට්ලර්ටත් මේ ‘ප්‍රීති කසානා’ ලෙඩේ හැදිලා තිබිලා තියනවා.
ඉකිල්ල අධික ලෙස කැසීම සහ අවපැහැගැන්වීම නිසා මේක ලිංගාශ්‍රිත රෝගයක් කියලා හිතලා ගොඩක් අය මේකට ප්‍රතිකාර කරන්න බයයි. නැහැ… කලබල වෙන්න එපා. මේක එහෙම තත්ත්වයක් නෙමෙයි. ඒ නිසා ඉකිල්ල ප්‍රදේශයේ පුංචි හරි කැසිල්ලක් තියෙනවා නම් මුල් අවස්ථාවෙම චර්ම රෝග වෛද්‍යවරයෙක් මුණගැහෙන්න යන්න. නැත්තම් මුළු ඉකිල්ල ප්‍රදේශයම තද කළු පැහැවෙන එක වළක්වන්න අමාරුයි.
ඉකිල්ල ප්‍රදේශය පැහැපත් කරගන්න ගෙදරදිම කරගන්න පුළුවන් සත්කාර කිහිපයක් ගැනත් අපි දැන් බලමු. හැබැයි ටීනියා තත්ත්වය තියෙන කෙනෙක් නම් මේ දේවල් කරන්න එපා.
සියුම් සීනි කුඩුවලට දෙහි යුෂ ස්වල්පයක් එක්කාසු කරලා ඉකිළි ප්‍රදේශය සියුම්ව ස්ක්‍රබ් කරන්න. දෙහි යුෂවලට අකමැති නම් මේ වැඩේට සියුම් සීනි විතරක් යොදාගත්තත් කමක් නැහැ. මේ සත්කාර සතියට පාරක් කරගන්න අමතක කරන්න එපා.
තක්කාලි යුෂ ටිකකට අල යුෂ ටිකක් එකතු කරලා අඳුරු පැහැවුණු ඉකිළිවල ආලේප කරන්න. විනාඩි විස්සක් තියලා සෝදලා දාන්න.
නින්දට යන්න කලින් මේ ප්‍රදේශයේ සුදු පොල්තෙල් හරි ඔලිව් තෙල් හරි ආලේප කරලා විනාඩි විස්සක් විතර සම්බාහනය කරන එකත් හොඳයි.
පුළුන් කැබැල්ලක් නැවුම් කිරිවලින් පොඟවලා මේ ප්‍රදේශය පිරිසුදු කරන්න යොදාගන්නත් පුළුවන්.
ඒ වගේම ඉකිළි ප්‍රදේශයට දිනපතාම වෛද්‍ය නිර්දේශ මත ලබාගත්තු මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ආලේප කරන්න. මේ වගේ ගැටලු නිසා කාන්තාවකට තමන්ගේ ශරීරය ගැන ලැජ්ජාවක් ඇතිවෙන්න පුළුවන්. ඉතින් තමන්ව දරාගෙන ඉන්න ශරීරය ලැජ්ජාවක් කියලා හිතන්නේ නැතිව එය ආදරෙන් හොඳන් රැකබලාගන්න කියන එකයි හැමදාමත් වගේ අපි දෙන පණිවිඩය.
සෙව්වන්දි හෙට්ටිආරච්චි