Latest News

බිග් බෑෂ් ක්‍රිකට් තරඟාවලියේදී චමරි අතපත්තුගෙන් අගනා ඉනිමක්

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා බිග් බෑෂ් ක්‍රිකට් තරඟාවලියේදී (03) ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තු සුපිරි ඉනිමක් ගොඩනැගීමට සමත්ව තීබෙනවා.

ඇය බිග් බෑෂ් ක්‍රිකට් තරඟාවලියේ Melbourne Renegades Women කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ලබනවා.

මෙහිදී අගනා පිතිහරඹයක නියැලුණු චමරි අතපත්තු නොදැවී ලකුණු 75ක් රැස්කර ගත්තා.

චමරිගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 8ක් ඇතුළත් වුණා.

ඒ අනුව ප්‍රතිවාදී කණ්ඩායම Hobart Hurricanes Women වෙත ජයග්‍රහණය සඳහා හිමිවූ ඉලක්කය ලකුණු 134ක්.

පන්දු යැවීමේදී Maisy Gibson කඩුලු 4ක් දවාගැනීමට සමත් වුණා.