Latest News

බේරුවල ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටී කාන්තාවක් මරුට

බේරුවල, වේල්ල හංදිය ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටී කාන්තාවක් අද (14) මියගොස් තිබෙනවා.

මෙම කාන්තාව අද උදෑසන වෙළඳ සැලකට පැමිණ මාර්ගය හරහා මාරුවෙමින් සිටියදී අඹු සැමි යුවලක් ගමන් ගත් යතුරු පැදියක ගැටී අනතුර සිදුව තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ, අනගියද්දයියගේ නන්දාවතී (70) නැමැති විවාහක කාන්තාවක්.

32 හැවිරිදි වියේ පසුවූ යතුරුපැදිකරු හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි අයකු වන අතර යතුරු පැදියේ ගමන් ගත් ඔවුන් දෙපල ද සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ රියදුරා පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පයාගල පොලිසිය සිදුකරනවා.