විශේෂාංග

මොරටු වැල්ලෙන් ජීවිතේ පටන්ගත්ත මං

එදා මොරටු වැල්ලේ ගල් බන්ට් එක උඩ ලෑලි ගෙදරක ජීවත් වුණ මගේ නම අද වෙනකොට මුළු ජාත්‍යන්තරයක් අුරනවා.

මොරටුව ප්‍රදේශයේ ජීවත්වෙන සජීවනී කුරේ, මේ වනවිට ශ්‍රී ලංකා ගුවන්හමුදා බොක්සිං සංචිතයේ නිත්‍ය  සාමාජිකාවක් ලෙසින් මෙරට මෙන්ම  ජාත්‍යන්තර ක්‍රීඩාලෝලීන්ගේද  ආදරය දිනාගෙන ඇත. තවමත් 31 හැවිරිදි  සජීවනී ඇගේ අතීතය  සිහිපත් කළේ මෙසේය.

මං පුංචි කාලේ අපි ජීවත් වුණේ වැල්ලෙ ලෑලි ගෙදරක. කෙල්ලෙක් වුණාට මට ඇුමක් මාරු කරගන්න කාමරයක්වත්, පාවිච්චි  කරන්න වැසිකිළියක්වත් තිබුණෙ නෑ. අම්මා ගෙවල් ගානේ දැලි වළං හේදුවා. තාත්තා  ස්වීප් ටිකට් වික්කා. මොනවා කරලා හරි ඒ දෙන්නම උත්සාහ කරේ මට හොට උගන්නලා හො තැනකට ගේන්න. ඒත් ටික දවසක් යද්දි මගේ ඉස්කෝලේ ළට ආපු අම්මලා තාත්තලා මට කිව්වා මාව අරන් හදාගත්ත ළමයෙක් කියලා.

එය දරුවෙකුගේ ජීවිතේ අසන්නට ලැබෙන දුක්බරම කතාවක් බව අප කාටත් තේරුම් ගැනීම අපහසු නැත. ඒ කුමක් වුවද ඇය කිසිම දිනක හැදූ මවගෙන්, වැදූ මව ගැන අසන්නට ගියේ නැත. තමන්ගේ ජාතකයේ සැබෑ අයිතිකරුවන් කවුරුදැයි ඇය අදටත් දන්නේ නැත.

ඔහොම ඉද්දි 2004 සුනාමියට අපිට තිබුණ ලෑලි ගේත් මුහුදට ගහගෙන ගියා. ඊටපස්සෙ අපි මොරටුව විල්වරාව වත්තේ තාවකාලික පැලක් අටවගෙන ජීවත් වුණා. මොනවා නැති වුණත් අම්මයි තාත්තයි ළ ඉන්නවානෙ කියලා හිතාගෙන හිටපු මට 2007 දී අම්මවත් නැති වුණා.

ඒ හදිසියේම ඇති වූ හෘදයාබාධයකින් ඇගේ මව මියයාමත් සමඟය. මවගේ අහිමීවීමෙන් වැඩි කලක් යන්නට මත්තෙන්ම ඇගේ අධ්‍යාපන කටයුතුද අතරමග නැවතී ගියේ නැතිබැරිකම් නිසාමය.

දින දෙකකට සැරයක් හෝ කුස්සියේ බත් හැලිය ඉදුනේ තාත්තා ස්විප් කූඩුවෙන් ඉපයු සොච්චමකිනි.

ඒ වෙද්දි මම ජීවත් වුණේ මහ මුහුදේ පාවෙන කොට කෑල්ලක් වගේ. තාත්තා උදේට ගිහාම රෑට රෑ වෙලා තමයි කීයක් හරි හොයන් අවේ.

ආදරය, රැකවරණ අහිමිව කුසගින්නේ පැල් කොටයක් මැද තනිව සිටි සජීවනීගේ ජීවිතයට ජගත්ගේ හෙවනැල්ල වැටෙන්නට පටන් ගත්තේ ඒ කාලයේදීමය.

ඒ ඇගේ දුරකතනයට වැරදීමකින් ආ නන්නාඳුනන දුරකතන ඇතුමක ප්‍රතිඵලයක් ලෙසිනි.

ජගත් මුලතිව් ඉලා කොළඹ ඇවිත් මේසන් වැඩ කරපු කෙනෙක්. එයත් එක්ක මම මාස 6ක් විතර යාළුවෙලා හිටියා. ඊටපස්සෙ මං එයාව හම්බෙන්න යද්දී ටිකක් පරක්කු වෙලා ආවා කියලා එයා මට මහපාරෙදි හොටම ගැහුවා. එතනින් එහාට මම ඒ සම්බන්ධෙ නවත්තලා දැම්මා.

ඇය කියන්නේ වේදනාවෙනි. එහෙත් දෛවෝපගත ලෙස පතාගෙන එන කරුම ඔතාගෙනම යන ජීවිත මේ සමාජය තුළ  ඕනෑතරම් අපට හමුවී ඇත. සජීවනීටද එය එසේම විය.

ටික දවසක් යද්දි ජගත්ගෙ ඇ පණ නැතිවෙන ලෙඩක් හැදුනා. එයා මට අලා කිව්වා එයාව මුලතිව්වලට ගිහින් ඇරලවන්න කියලා.

පසුව ජගත් සමඟ මුලතිව් යාමට පමණක් අහල පහලින් අතමාරුවක් කරගත් සජීවනීට ආපිට පැමිණිමට මුදල් අවශ්‍ය බව සිතීමට තරම් දුර දක්නා නුවණක් නොවීය. ඒ වනවිටත් ඇය දහඅට හැවිරිදි ළාබාල දැරිවියක් වීම ඊට හේතුව විය හැකිය.

ජගත්ලාගේ පවුල මෙන්ම අහල පහල අයවලුන් පවා සිටියේ දුප්පත්කම පතුලට කිඳාබැසගෙනය. එනිසාවෙන්ම  කෙතරම් උත්සාහ කළද නැවත කොළඹට ඒමට රුපියල් දාහක් සොයා ගැනීමට ඇයට නොහැකි විය.

පසුව අහම්බයෙන් වුවද එක වහලක් යටට සේන්දු වීම නිසා ඔවුන්ගේ ප්‍රේමය නැවත දළු ලා වැඩෙන්නට විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ සජීවනී ගැබ්ගැනීමය. පසුව පෙරළුණු පිටට පාරු ගානවා හැරෙන්නට ඇයට වෙන කළ හැකි යමක් නොවීය. කල්යත්ම දියණියගේ කුසගින්න බලා සිටීමට නොහැකි වූ සජීවනී ගඩොල් කැපීමටත්, හේන් ගොවිතැන් කිරීමටත් ගියාය. එහෙත් ජගත් තුළ ඒ උත්සාහය නොවීය. ඒ සියල්ලක්ම මැද තම සැමියා වෙනත් කාන්තාවන් ඇසුරු කරන බව කනින් කොනින් සජීවනීගේ කන වැකෙන්නට ගත්තේ ඔය කාලේදීමය.

දවසක් මම ගඩොල් කපලා එද්දී ජගත් තවත් ගෑනු කෙනෙක් එක්ක ගේ ඇතුළෙ ඉන්නවා මගෙ ඇස් දෙකටම දැක්කා.

එතෙක් කල්ම දරාගෙන සිටි ඇගේ ඉවසීම පුපුරා ගියාය. තමන් සන්තකයටම තිබූ ඇඳුම් දෙක තුනක් පමණක්  ඔතාගෙන පාරට බැසගත් ඇය කෙලින්ම ගියේ නිතරම ගිය ආව ප්‍රදේශයේ දේවස්ථානය වෙතය. ඒ අන් කිසිවක් නිසා නොව කොළඹ පැමිණීමට බස් ගාස්තුව ඉල්ලා ගැනීමටය.

මම කොළඹට ආවේ දුවව මුලතිව්වලම දාලා. මොකද කොළඹ ආවට මට යන්න එන්න තැනක් තිබුණෙ නැති නිසා. තාත්තාවත් දාලා මං මුලතිව් ගියා නිසා අඩුතරමේ එයාවත් ඉන්නෙ කොහෙද කියලා හොයාගන්න විදිහක් මට තිබ්බේ නැහැ. අන්තිමට මම යාළුවෙකුගෙ ගෙදර නැවතිලා මාස් එකේ අත් උදව්කාරිනියක් විදිහට වැඩට ගියා. ටික දවසක් ‍යද්දි ඒකෙ කාර්ය මණ්ඩලය මගෙන් ඇහුවා බොක්සිං ගහන්න ආස නැද්ද කියලා. ඒත් ඒ වෙද්දි මං බොක්සිං කියන්නෙ මොනවද කියලවත් දැනගෙන හිටියෙ නෑ.

පසුව ක්‍රීඩාවට තිබූ ඇල්ම නිසාම 2012 වසරේ සිට මාස් ආයතනයේම බොක්සිං පුහුණුවීම්වල නිරත වුණ ඇය 2014 වසරේ ජාතික බොක්සිං ශූරතාවලියේදී රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූවාය. පසුව ඒත් සමඟම පැවති ශ්‍රී ලංකා සිංගප්පූරු සුහදතා බොක්සිං තරඟාවලියේද රන් පදක්කම දිනූ සජීවනී ශ්‍රී ලංකා ජාතික බොක්සිං  සංචිතයට තේරීපත් වූයේ 2014 වසරේදීය. පසුව එහි කිලෝ ග්‍රෑම් 54 බර පන්තිය නියෝජනය කරමින් තරඟ වදිමින් සිටි සජීවනීට ශ්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං සංචිතයෙන් ඇරයුම් ලැබෙන්නේ 2015 වසරේදීය.

මම මුලින්ම ගුවන් හමුදාවට බැුනේ නිත්‍ය නොවන බොක්සිං ක්‍රීඩිකාවක් විදිහට. පස්සෙ අවුරුද්දක පුහුණුවකින් පස්සෙ 2016දී එයාලා මව නිත්‍ය සාමාජිකාවක් විදිහට බවාගත්තා. එතන ඉලා 2019  වෙනකන්ම ශ්‍රී ලංකා ජාතික බොක්සිං ශූරතාවලියේදී කිලෝ ග්‍රෑම් 54 බර පන්තියේ රන් පදක්කම දිනාගත්තෙ මම.

මේ වනවිටත් ඉන්දුනීසියාව, තායිලන්තය, චීනය, නේපාලය වැනි රටවල් රැසකදීම බොක්සිං ජයග්‍රහණය අත්කරගෙන ඇති ඇගේ ලොකුම බලාපොරොත්තුව 2024  ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් නියෝජනය කර රන් පදක්කම රැගෙන ඒමයි.

මේ හැමදෙයක් අතරේම මම මගේ දුවටත් හො අනාගතයක් හදන්න මහන්සි වෙනවා. මටම කියලා ලස්සන ගෙයක් දොරක් හදාගන්න මහන්සි වෙනවා. මොරටු වැල්ලෙන් ජීවිතේ පටන්ගත්ත මං අද වෙනකොට හිතේ හයියෙන් සාර්ථක ගමනක් ආපු සතුට මට තියෙනවා.

සංවාදය සහ සටහන ලිහිණි මධුෂිකා

තොරතුරු සැපයීම දර්ශාන් කානිල්