Latest News

පෙම්වතියගේ හොර අල්ලන්න ගිය තරුණයා පොලිස් අත්අඩංගුවට

අබායා ඇඳුමකින් සැරසී බුර්කාවක් පැළඳ පැමිණ සිටි මුස්ලිම් තරුණයෙකු ගාල්ල දුම්රිය ස්ථානයේ ආරක්ෂක නිලධාරින් විසින් ගාල්ල පොලිසිය වෙත අද (19) උදැසන භාරදී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගාල්ල මකුළුව පදිංචි 27 හැවිරිදි මුස්ලිම් තරුණයෙක්.

අදාළ තරුණයා විසින් දුම්රිය ස්ථානයට පැමිණ කොළඹට ප්‍රවේශ පත්‍රයක් මිලදි ගෙන ඇති අතර ඔහුගේ කටහඬ ගැන සැක සිතු ආරක්ෂක නිලධාරින් ඔහුව පරික්ෂා කර තිබෙනවා.

එහිදි දුම්රිය ආරක්ෂක නිලධාරින් දැක ඇත්තේ, මුස්ලිම් කාන්තා ඇඳුමකින් සැරසි සිටියත් ඔහු පිරිමියෙකු බවයි.

පසුව දුම්රිය ආරක්ෂක නිලධාරින් විසින් ඔහු පොලිසියට භාර දීමට කටයුතු කර ඇති අතර පොලිසිය විසින් කරන ලද ප්‍රශ්ණ කිරිමේදි ඔහු පවසා ඇත්තේ තමාගේ පෙම්වතිය වෙනත් තරුණයෙක් සමග සම්බන්ධයක් පවත්වන බවත් ඔවුන් ගාල්ල දුම්රිය ස්ථානයට පැමිණෙන බවට ලැබුන තොරතුරක් අනුව මෙසේ කාන්තා ඇඳුමකින් සැරසි පැමිණි බවයි.

එමෙන්ම අදාළ ඇඳුම ඔහුගේ මවගේ ඇඳුමක් බවටත් අනාවරණය වී තිබෙනවා.