පෙර පාසල් දරුවන්ට මැයි මස දක්වා උදෑසන ආහාර
ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන පෙර පාසල් දරුවන්ට උදෑසන ආහාර වේල ලබාදීම සහ පන්ති සහන ගාස්තු වැඩසටහන ලබන වසරේ මැයි මස දක්වා ක්‍රියාත්මක වන බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.
ඒ සඳහා ලබන වසරේ දෙසැම්බර් දක්වා අනුග්‍රහය දක්වන ලෙස ලෝක බැංකුවෙන් ඉල්ලා සිටි බවත් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා.
මෙහිදී අමාත්‍යවරිය වැඩිදූරටත් සඳහන් කලේ , මෙම වැඩසටහන යටතේ පෙර පාසල් දරුවන් 155,000 කට උදෑසන ආහාරය ද, දරුවන් 37,500 කට පන්ති සහන ගාස්තු ද ක්‍රියාත්මක කරන බවයි.