මෙරටින් දෛනිකව පියයුරු පිළිකා රෝගීන් 12ක් හඳුනා ගැනේ
පියයුරු පිළිකාවලට ගොදුරු වූ කාන්තාවන් 12 දෙනෙකු පමණ දෛනිකව මෙරටින් හඳුනා ගන්නා බව පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන් වැඩිදුරටත් සඳහන් කලේ, පියයුරු පිළිකා රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇත්තේ ඒ පිළිබඳ පරීක්ෂණ පහසුකම් පුළුල්වීම හේතුවෙන් බවයි.
පසුගිය වසරවලට සාපේක්ෂව මේ වනවිට පියයුරු පිළිකා රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව පියයුරු පිළිකා රෝගයට ගොදුරු වූ කාන්තාවන් 12 දෙනෙකු පමණ දෛනිකව මෙරටින් හඳුනා ගැනෙනවා.
බොහෝ කාන්තාවන් පියයුරු පිළිකා පරීක්ෂණ සිදුකිරීම සඳහා වැඩි උනන්දුවක් දක්වන බව ද එම වෛද්‍ය සංගමය පවසනවා.
එමෙන්ම පියයුරුවල ගැටිත්තක් නැතිනම් මොනයම් හෝ අසාමාන්‍යතාවයක් දකින්නට ලැබුනොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ද පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
සෑම වසරකම ඔක්තෝබර් මාසය පියයුරු පිළිකා වැළැක්වීම හා ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස සැලකෙනවා.
කාන්තාවන් වියපත්වීමත් සමග පියයුරු පිළිකා වැළඳීමේ ඉහළ අවදානමක් පවතින අතර, මෙම පිළිකා කලින් හඳුනා ගැනීමෙන් සම්පූර්ණයෙන්ම සුවකළ හැකියි.