කාන්තාවන්ගෙන් 27%කට පියයුරු පිළිකා
මෙරට සෑම කාන්තාවන් අටදෙනෙකුගෙන් එක් අයෙකුටම පියයුරු පිළිකාවක් වැලඳී ඇති බව පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය හසන්ති ජයලත් මහත්මිය පවසනවා.
එසේම මෙරට කාන්තාවන්ගෙන් සියයට විසිහතකටම (27%) පියයුරු පිළිකා වැලඳී ඇති අතර පියයුරු පිළිකා සහිත කාන්තාවන් හාරදහස් පන්සියයක් නවතම දත්ත මගින් හදුනාගෙන තිබෙනවා.
පියයුරු පිළිකා වැඩි වශයෙන් වැලඳීම සිදුවන්නේ අවුරුදු හතලිස් පහත් හැටපහත් අතර (45-65) වයස් කාණ්ඩයේ කාන්තාවන්ට වන අතර එය ප්‍රතිශතයක් ලෙස 70%ක් සඳහන්.
ඊයේ (11 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කළා.