හැටන් ප්රදේශයේදී බස් රථයක් අඩි 75ක ප්රපාතයකට පෙරළෙයි
සලංකන්ද-හැටන් ප්රධාන මාර්ගයේ බටල්ගල ප්රදේශයේදී බස් රථයක් අඩි 75ක පමණ ප්රපාතයකට පෙරළීයාමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරින් තවත් පුද්ගලයන් 9 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
බරපතළ තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් ප්රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
හැටන් නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකට සේවකයින් රැගෙන යමින් සිටියදීයි මෙම බස් රථය අනතුරට ලක්ව ඇති අතර පොලිසිය සැකපළකරන්නේ අධික වේගය හේතුවෙන් රියදුරාට රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුවන්නට ඇති බවයි.
අනතුරින් පසුව රියදුරා පැනගොස් ඇති අතර හැටන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.