කබ්රාල්ට රටින් පිටවීම තහනම්
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී ද සිල්වා විසින්.
හිටපු ආණ්ඩුකාරවරයෙකු වන කීර්ති තෙන්නකෝන් විසින් ගොනුකළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මෙම විදෙස් ගමන් තහනම පනවා තිබෙනවා.
ඒ අනුව හිටපු මහ බැංකු අධිපතිවරයාට මේ මස 18 වනදා දක්වා මෙම විදෙස් ගමන් තහනම බලපැවැත්වෙනු ඇති.