“සෞඛ්‍ය ක්ෂේත්රයේ සිදුවන සෑම මරණයකටම ආණ්ඩුව වගකිව යුතුයි” – සමන් රත්නප්‍රිය
පිළිකා රෝග සඳහා ලබා දෙන ඖෂධ වල විශාල හිඟයක් පවතින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසනවා.
මේ හේතුවෙන් පිළිකා රෝගීන් හට වේදනා නාශක වලින් යැපීම වැනි අවාසනාවන්ත තත්ත්වයක් උද්ගතවී ඇතැයි ද ඔහු සඳහන් කළා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කලේ, පැනඩෝල් සිට බොහෝ වේදනා නාශක ඖෂධ දක්වා හිඟයක් තිබෙන බවයි.
ඖෂධ හා වෛද්‍ය උපකරණ වල හිඟය ඇති වන්නේ කලට වෙලාවට ඇනවුම් නොකිරීම නිසා නම් මුදල් නොදීමේ වගකීම තියෙන්නේ ආණ්ඩුවට බවත් එසේනම් ආණ්ඩුව මේ මොහොතේ සෞඛ්‍ය ක්ෂේත්රයේ සිදුවන සෑම මරණයකට ම වගකිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.