“පිළිකා සඳහා භාවිතයට ගන්නා ඖෂධ 22කින් තියෙන්නේ 3ක් විතරයි” – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
පවතින ආර්ථික තත්ත්වයත් සමග සියලුම රජයේ රෝහල්වල ඖෂධ හිඟය උග්‍ර ලෙස පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
අද (13) අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් පෙන්වා දුන්නා.
මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමයේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා සඳහන් කලේ, පිළිකා ඖෂධවලින් බොහෝ ප්‍රමාණයක් රෝහල් තුළ නොමැති බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කලේ,
“සරලම ඖෂධ වෙන පැරසිටමෝල් සිරප් එක, සැල්බුටමෝල් පෙත්තේ සිට ශල්‍යකර්ම සිදුකිරීම සඳහා අවශ්‍ය වන ඖෂධ දක්වා විශාල හිඟයක් පවතිනවා. පිළිකා සඳහා භාවිතයට ගන්නා ඖෂධ 22කින් තියෙන්නේ 3ක් විතරයි. උපකරණ වල විශාල හිඟයක් පවතිනවා. අක්ෂි ශෛල්‍යකර්ම කරන්න කාච හිඟයක් පවතිනවා. පසුගිය දවස්වල රුධිර පාරවිලයන ඖෂධවල විශාල හිඟයක් තිබුණා. රෝගීන් දිනෙන් දින මියගියා. සරල ඖෂධ නැති නිසා සායනික රෝගීන් මරණයට පත්වෙනවා වැඩියි. බෝ නොවන රෝග ඇති සියලු රෝගීන් අනතුරක සිටිනවා”