Latest News

දියණිය ඇපයට තබා ගනිමින් ගංජා ප්‍රවාහනය කළ පියා අත්අඩංගුවට

රුපියල් කෝටි තුනකට ආසන්න කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු ඊයේ (06) අත්අඩංගුවට ගත් බව නොරොච්චෝල පොලිසිය පවසනවා.

පුත්තලම කල්පිටිය ප්‍රධාන මාර්ගයේ කරඹ පොලිස් මාර්ග බාධකය අසලදී සුඛෝපභෝගී වෑන් රථයක් පරීක්ෂා කළ අවස්ථාවේදී කේරළ ගංජා කිලෝ දෙකක් අඩංගු ඇසුරුම් 97ක් සූක්‍ෂම ලෙස සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙහිදී පොලිසිය සඳහන් කලේ, කේරළ ගංජා තොගය ප්‍රවාහනය කළ ප්‍රධාන සැකකරු සැක නොසිතන අයුරින් ඔහුගේ 6 හැවිරිදි වූ කුඩා දියණියද ඉදිරිපස ආසනයේ රඳවා ගනිමින් පැමිණ ඇති බවයි.

මෙම පුද්ගලයින් විසින් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට ධීවර යාත්‍රා මගින් කල්පිටිය හෝ ආසන්න ස්ථානයකට මෙලෙස රැගෙන විත් සඟවා තිබූ කේරළ ගංජා තොගය ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන නොරෝච්චෝල පොලිසිය සිදුකරනවා.