Latest News

අලුත උපන් දරුවන්ට කෘත්‍රිම ශ්වසනයට අවශ්‍ය වෛද්‍ය උපකරණවල හිඟයක්

කාසල් විදීයේ කාන්තා රෝහලේ අලුත උපන් දරුවන්ට කෘත්‍රිම ශ්වසනයට අවශ්‍ය වෛද්‍ය උපකරණවල තොග අවසන් වෙමින් පවතින බව වාර්තා වනවා.

අදාළ උපකරණ ලබා ගැනීමට අවශ්‍ය සහාය ඉල්ලා වෛද්‍යවරුන් මේ වන විටත් විදේශගත පිරිස් වෙත විවිධ දැනුවත් කිරීම් සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

කෘත්‍රීම ශ්වසනය ලබාදීමේදී ශ්වසන ආධාරක සහ පෙනහළු සම්බන්ධ කෙරෙන ප්ලාස්ටික් බටවල හිඟයක් ඇතිවීමේ අවදානම වළක්වා ගැනීමේ අරමුණින් ඔවුන් එම ඉල්ලීම සිදුකර ඇති බව සඳහන්.