ඉවත දාන දණ්ඩක් වුණත් දළු දාලා පැළවෙන පොළොවක්නේ අපිට තියෙන්නේ කියල කිව්වට මොකද අපි කීයෙන් කී දෙනාද ඒ පොළොවෙන් ප්‍රයෝජන ගන්නේ? ගොඩක් අයට ඔය වගේ ලොකු ලොකු කතා මතක් වෙන්නෙත් මේ වගේ අමාරු කාල ආවම විතරයි. මතකනේ කොරෝනා කාලේත් රැල්ලට වවන්න පටන්ගත්තු බහුතරේට පස්සේ ඒ වැවිල්ල අමතක වුණා.
Read More »
ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ධූරයට පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත් වීමට බොහෝදුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
Read More »
ලිප දැල්වීමට යෑමේදී සිරුරට ගිනි ඇවිලීමෙන් යාපනයේ, උඩුතුරෙයි ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පසුගිය (08) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 22 කට එසේත් නැතිනම් ලක්ෂ 49 කට ආහාර ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් හැම්ඩි මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.
Read More »
දින තුනක සිට තම දරුවන් හට කිසිදු ආහාරයක් ලබා දීමට නොහැකිව දරුවන් ,ඇල් ජලය පමණක් පානය කිරීම ඉවසාගත නොහැකිව වැල්ලවාය ප්‍රදේශයේ මවක් දිවිතොර කර ගැනීමේ අභිලාෂයෙන් මාරාන්තික විෂ අඩංගු කනේරු ඇට කා අසාධ්‍යව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Read More »
ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට බාධාවක් නොවන සේ රාජ්‍ය සේවකයන්ට විදේශගත වීමට, වැටුප් රහිත නිවාඩු ලබාගත හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
Read More »
La Luz del Mundo නමැති ක්‍රිස්තියානි දේව සභාවේ අමෙරිකානු ප්‍රධානී නාසන් ජෝකින් ගාර්සියාට, ලොස් ඇන්ජලීස්හි අධිකරණයක් විසින් වසර 16ක සහ මාස 8ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
Read More »
දිල්නෙත් දම්හිරු නැමැති කුඩා බිළිඳෙකුට අක්මා බද්ධ කිරීමක් සඳහා ඉන්දියාවට ගිය මවක සහ පියෙකු ඩොලර් අර්බුදය නිසා එම රෝහලට අමතර මුදල් ප්‍රමාණයක් ගෙවා ගැනීමට නොහැකි වීමෙන් නැවත ලංකාවට පැමිණීමට නොහැකිව සිටින බව වාර්තා වනවා.
Read More »
අක්කරෙයිපත්තුව - පල්ලකාඩු කුණු කන්ද ප්‍රදේශයේ දී ඊයේ (08) දිනයේ වන අලියෙකු පහරදීම හේතුවෙන් මාස 4ක් වයසැති බිළිඳෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
19න් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය සඳහා කිළිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් දැරියක් තේරී පත්ව තිබෙනවා.
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුතාට සහ ඔහුගේ ලේලියට අධිකරණය මගින් අද (08) ඇප නියම කර තිබෙනවා.
Read More »