විශේෂාංග

කළු කුමාරයා සොයා දෙන්නෙකුට ගෑස් සිලින්ඩරයක් නොමිලේ

ඒ කාලේ අනුරාධපුරේ රජකම් කරපු ‘පුවෝතල’ රජතුමාට ‘නීලමදන’ කියලා ඉතාම ජවසම්පන්න පුත් කුමාරයෙක් හිටියලු. ඉතින් පුත් කුමාරයගේ ජවසම්පන්නබව ගැන ආඩම්බරෙන් හිටපු රජතුමා සොලීන් සමඟ සටන් කිරීමේ භාරදූර කාර්යය පවරලා තිබුණෙත් මේ කුමාරයාට. මේ යුද්ධය අතුරතුරදී දවසක් නීලමදන කුමාරයාට ඉන්දියාවට යන්න සිද්ධ වෙලා තියෙනවා.
Read More »

අලි අම්මට නින්ද ගියා අලි පැටියා ගොඩට ගියා

මොනම ආකාරයක අවදානමක් දරමින් වුව අනතුරකදී අතහැර නොයන කෙනෙකු වේනම් ඒ, අම්මාය. එය සත්ව ලෝකයේද දැකිය හැකි කරුණකි. පශු වෛද්‍ය අකලංක පිනිදිය එවැනි සිදුවීමකට මුහුණ දුන්නේ ගිරාඳුරුකෝට්ටේ ඔරුබැඳිවැව ප්‍රදේශයේදීය.
Read More »

සාරියෙන් කලිසමට මාරු වී කාර්යාල බිමේ වගා කරන රාජ්‍ය සේවිකාව, ඉන්දිරා

කාර්යාල කාර්ය සහායිකාවක ලෙස පත්වීම් ලද ඉන්දිරා, 2014 වසරේ සේවය කරමින් සිටියේ කළුපහන කනිෂ්ඨ විද්‍යාලයේයි. ළමුන් තුන්සියයක් පමණ ඉගෙනුම ලැබූ එම පාසලේ කාර්යාලය පවිත්‍ර කිරීමත්, ලිපිගොනුවක් එහා මෙහා ගෙනයාමත් හැරුණුකොට ඉන්දිරාට ලොකු වැඩක් නොතිබුණි.
Read More »

දරුවෙක් වගේ හදලා ලොකු වුණාම දන් දෙන්න මං වෙස්සන්තර නෙවෙයි මචං

සන්ත රත්නවීරගේ හා නිමේෂා දිල්හානිගේ ජීවිතවලත් පාට පාට හීන පිරී තිබුණේය. ඒ හීන හැබෑ කරගන්නට දහතුන් හැවිරිදි දියණිය වූ කනීෂා මව්පියන් ළඟ තබා දෙදෙනාම ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාව කළෝය. ඒ නිසා දෙදෙනාම ගලෙන් බිඳුණුවැව නිකවැව පිහිටි ගෙදරට ආවේ බොහෝ රෑ බෝ වීය. ඒ ද ආයතනයේ ප්‍රවාහන සේවයෙනි.
Read More »

දුකින් පිරුණු ගිහි ජීවිතේට වඩා බුදුන්ගේ හෙවණ මට හරි සනීපයි

මහින්දාගමනයේද මිහිඳු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ගැන ඒ කාලේ රටේ යුවරජ්ජුරුවෝ වෙච්චි මහානාම රජුගේ බිසව, අනුලා දේවියගේ හිත් පැහැදුනාලු. ඉන්පසු ඇය තවත් පන්සියයක් කුල කාන්තාවන් එක්ක පැවිදි බිමට පිවිසීමට අවශ්‍ය බව මිහිඳු හිමියන්ට දන්වා සිටියා.
Read More »

කතා නොකරන ජෝඩු පහක් හිතේ හැටියට මඟුල් කෑ හැටි

ඒ පසුගිය අප්‍රේල් 29 වෙනිදාය. එදින බණ්ඩාරවෙල නාමල් හෝටල් පරිශ්‍රය පේවෙමින් තිබුණේ විවාහ මංගල්‍යයකටයි. එහෙත් වෙනත් මඟුල් ගෙවල්වල නැති මොකක්දෝ අමුතු නිහඬ බවක් එහි තිබූ බව ඒ මඟුල් ගෙදරට ගිය සියල්ලන්ටම දැකගන්නට ලැබුණි. එක් පසෙක අසාමාන්‍ය දිගකින් යුතු මංගල පෝරුවකි. අනෙක් පස එකක් වෙනුවට මඟුල් කේක් කීපයකි.
Read More »

බලපල්ලකෝ ‌තොපිටත් ළමයි හම්බවෙන කාලෙක මේවා තේරෙයි

කාලය ගලාගෙන ගියා. හිත ඉල්ලපු ලොකුම බලාපොරොත්තුව හරි ගියත් ඒකත් එක්ක ඉස්සරහට යන්න මට දැනීමක් තිබුණෙ නෑ. දැනීමක් තියෙන කෙනෙක් ළඟ හිටියෙත් නෑ. මට ඒ දෙකටම තිබ්බෙ හිතේ දහිරියයි සතුටයි විතරයි.
Read More »

අලිමංකඩ හිරවෙලා ඉඳිද්දි දෙතනට එරුණු කිරි මිරිකලා මම පොළොවට හැලුවා

මුලතිව් වෙල්ලිමුල්ලිවයික්කාල් බිමේදී එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් මරා දමා තිස් වසරක් පුරා පැවති යුද්ධය ජයග්‍රහණය කිරීමේ 13 වන සංවත්සරය යෙදී ඇත්තේ මැයි 19 වැනිදාටය. මේ ලිපිය සැකසෙන්නේ ඒ නිමිත්තෙනි.
Read More »

දේවාලේ නැති දෙවියෝ තෙල් පෝලිම්වල වැඩ සිටියෝ…

ඒ පසුගිය බදාදා උදෑසනය. ඒ වනවිටත් අතිශය ජනාකීර්ණ බිබිල නගරයේ ප්‍රධාන ඉන්ධන පිරවුම්හලේ තිබුණේ දිගු තෙල් පෝලිමකි. බිබිල නගරයට එය අලුත් අත්දැකීමකුත් නොවේ. මන්ද සෑම දිනකම පාහේ එහි එවන් පෝලිම්ය. පෝලිම්වල සිටි රියැදුරෝ තමන්ගේ වාරය එනතෙක් බලා සිටියහ.
Read More »

ගෙදර බුදුන්ටත් බැරිනම් මේ ගින්න නිවන්න කාටවත් බෑ

ඇවිලෙන්න එපා නිවෙන්න! අවුලන්න එපා නිවන්න!

මේ ඇවිලී ගිය මහා ගින්නකින් පසු, බොහෝදෙනා මුමුණන්නට වූ වදන් කිහිපයකි. දැන් දැන් එහෙම කියන්නේ විටෙක අවුළුවාලූ අයම වුවද, නිවීම තරම් සැනසුමක් මේ මිහිමත නොවන නිසා නැවතීමත් නිවීමත්, ඇවිලීම සහ අවුළුවාලීමට වඩා බෙහෙවින් වටිනා බව බොහෝ දෙනෙකුට පසක් වී ඇති බව පෙනෙයි.
Read More »

ලැබුණු දේවල් ආපහු දෙන්නයි මට ඕන…

ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් අපිට විශේෂ වෙන්නේ ඇය ජනප්‍රිය බොලිවුඩ් නිලියක් වුණු නිසාම නෙවෙයි. ජැක්ලින්ට ලංකාව එක්ක තියන ලේ නෑකම නිසා ඒ අපේ එකියක් කියලා අපි නිතරම හරි ආඩම්බරෙන් කිව්වා.
Read More »
1 36 37 38 39 40 72