ආසියානු කුසලානය දිනා ගැනීමට නොහැකි වීම පිළිබඳව කනගාටු වනවා – චමරි අතපත්තු
2022 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් අනුශුරතාව දිනා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (16) දිවයිනට පැමිණ තිබෙනවා.
එහිදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කලේ, වසර 14 කට පසුව ආසියානු කුසලාන අවසාන මහා තරඟයට සුදුසුකම් ලැබීමට අවස්ථාව ලැබුණ ද, එම කුසලානය ජයග්‍රහණය කර ගැනීමට නොහැකි වීම පිළිබඳව තමන් කනගාටුවට පත් වන බවයි.
ආසියානු කුසලාන පන්දුවාර 20 – 20 තරඟාවලියේ අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරදා කඩුලු 8ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම පසුගිය දා සමත් වුණා.
මාධ්‍ය වෙත අදහස් දැක්වු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු වැඩිදුරටත් සඳහන් කලේ,
“මම ගොඩක් කනගාටු වෙනවා මේ අවස්ථාවේ ආසියානු කුසලානය ගෙනත් දෙන්න බැරි වුණ එක ගැන. නමුත් ක්‍රීඩිකාවන් ගොඩක් හොඳින් ක්‍රීඩා කළා. විශේෂයෙන්ම පන්දු යවන්නියන් ඉතා හොඳින් ඒක කළා. විශේෂයෙන්ම හර්ෂිතා මාධවී ගැන කියන්න ඕනේ. ඇය තරඟය පුරාම දෙවැනි ලකුණු ලාභිනිය හැටියට තරඟාවලිය පුරාම හිටියා නවක ක්‍රීඩිකාවක් හැටියට. ඒ වගේම ඉනෝකා රණවීර, ඕෂධී රණසිංහ ඔවුන් හොඳින් පන්දු යැව්වා. කණ්ඩායමේ සියලුදෙනාම ඉතාම හොඳින් ක්‍රීඩා කරපු නිසා අපට අවසන් මහා තරඟයට එන්න හැකියාව ලැබුණා. විශේෂයෙන් මේ තරඟාවලිය පුරාම මම අසාර්ථක වුණා. පිතිකාරිනියක් විදියට ඒක ගොඩක් බලපෑවා. මම හිතන්නේ අවසන් මහා තරඟයේ දීත් මට ලකුණු අතරට එන්න හැකියාව ලැබුණේ නෑ. මම බලාපොරොත්තු වුණා මීට වඩා හොඳ තරඟයක් දීලා ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට ගෙනත් දෙන්න. අවාසනාවකට අපිට ඒක කරන්න බැරි වුණා.”