ජාත්‍යන්තර T20 තරඟ 100ක් ක්‍රීඩා කළ පළමු ක්‍රීඩිකාව ලෙස චමරි වාර්තා අතරට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ නායිකාව වන චමරි අතපත්තු පසුගියදා තම 100 වන ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟය සඳහා ක්‍රීඩා කරනු ලැබුවා.
ඒ අනුව ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 100ක් ක්‍රීඩා කළ පළමු ක්‍රීඩිකාව බවට පත්වනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග පැවැත්වෙන ආසියානු කුසලාන තරඟාවලියේ සිව්වන තරඟය චමරිගේ සියවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය බවට පත්ව තිබෙනවා.
විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 100ක් ක්‍රීඩා කොට ඇත්තේ, ආසියානු ක්‍රීඩිකාවන් හයදෙනෙකු පමණයි.
ඒ අතරට එක් ඉන්දීය ක්‍රීඩිකාවක්, පාකිස්තාන ක්‍රීඩිකාවන් හතරක් හා ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තු ඇතුළත් වනවා.