රටේ දේශපාලන තත්ත්වයට විසඳුමක් හිටපු ජනපතිනියගෙන්
රට තුළ මේ වනවිට හටගෙන ඇති දේශපාලන අස්ථාවරත්වයට පිළියම් යෙදීමට ඇත්තේ එකම විසඳුමක් පමණක් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා.
ඒ අනුව සියලුදෙනාගේම කැමැත්ත ඇති පුද්ගලයෙක් අගමැති ලෙස පත් වියයුතු අතර ඉන්පසු ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත් මාස 6ක් තුළ මැතිවරණයක් පැවැත්විය යුතු බවත් හිටපු ජනාධිපතිනිය පෙන්වා දෙනවා.
මේ අතර රට පාලනය කළයුතු නව ක්‍රමවේදයක් පිළිබඳව ද චන්ද්‍රිකා බණ්ඩාරනායක යෝජනා කර තිබෙනවා.
මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඇය මේ බව සඳහන් කළා.