Latest News

චන්ද්‍රිකා වැවට පැන්න මව රෝහලේදී මරුට

update :

දරුවන් දෙදෙනා සමග චන්ද්‍රිකා වැවට පැන බරපතළ තත්ත්වයේ පසුවූ මව ද ඇඹිලිපිටිය රෝහලේදී මියගොස් තිබෙනවා.

……………………………………………………………………………………………………………………………

සිය දරුවන් දෙදෙනා සමග මවක්, චන්ද්‍රිකා වැවට පැන සියදිවි නසා ගැනීමට උත්සහ කර තිබෙනවා.

මෙලෙස චන්ද්‍රිකා වැවට පැන ඇත්තේ, 35 හැවිරිදි මව හා ඇයගේ 5 හැවිරිදි දියණියත් 11 හැවිරිදි දරුවාත් බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් කුඩා දියණිය ජිවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් දරුවා දිවි බේරාගෙන තිබෙනවා.

මේ අතර බරපතළ තත්ත්වයේ පසුවන මව ඇඹිලිපිටිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අදාළ කාන්තාව සූරියවැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවට අනාවරණය වී තිබෙනවා.

ඇය සන්තකයේ තිබී රුපියල් 2,000ක මුදලක් හා ජංගම දුරකථනයක් ද සොයාගෙන තිබෙනවා.