තුරඟ තරග පිටිය අසලදී ඝාතනයට ලක්වූ චතුරිගේ පියා හැඬු කඳුලින් සාක්ෂි දෙයි
සිය පෙම්වතියගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විශ්වවිද්‍යාල සිසුවකු වන පසිඳු චතුරංග ද සිල්වා නමැත්තා ලබන 13 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
ඒ ඊයේ (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ අදාළ නඩුව කැඳවනු අවස්ථාවේදී යි.
අදාළ සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කොට නොතිබූ අතර ඔහු මේ වන විට බන්ධනාගාර රෝහලේ මානසික රෝග ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබන බව බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබුණා.
ඒ අනුව විවෘත අධිකරණය හමුවේ පැවති චතුරි මල්ලිකාරච්චි නමැති සිසුවියගේ මරණය පිළිබඳ මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී ඇගේ පියා වන රංජිත් ප්‍රේමකුමාර මහතා උප පොලිස් පරීක්ෂක ගාමිණී බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ හැඬූ කඳුළින් සාක්ෂි ලබා දුන් බවයි වාර්තා වන්නේ.
එහිදී චතුරිගේ පියා සාක්ෂි ලබාදෙමින් පවසා ඇත්තේ,
දියණියන් දෙදෙනකුගෙන් යුත් සිය පවුලේ වැඩිමහල් දියණිය වන චතුරි නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් උසස් පෙළ සමත්වීමෙන් පසු විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ගණිත අංශයෙන් අධ්‍යාපනය ලැබූ බවත් එවැනි සම්බන්ධතාවයක් පැවති ඔවුන් දැන නොසිටි අතර දියණිය එවැනි සම්බන්ධයක් ගැන කිසිවක් පවසා නොතිබුණු බවත් මරණය සිදුවන විට ඇය විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි අතර එම මරණයෙන් පසුව මෙවැනි සම්බන්ධයක් තිබි ඇති බව දැනගත් බවත් ය.