Latest News

අවුරුදු 10න් පහළ බාලිකා යොවුන් චෙස් ලෝක ශූරතාව ඔෂිනි දේවින්‍යාට

යොවුන් චෙස් ලෝක ශූරතාවලියේ වයස අවුරුදු 10න් පහළ බාලිකා අංශයේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ඔෂිනි දේවින්‍යා ගුණවර්ධන දියණිය සමත්ව තිබෙනවා.

මේ සඳහා ලොව පුරා රටවල් 100 කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර තරගාවලියට අන්තර්ජාලය ඔස්සේ එක්ව තිබුණා.

එහි මූලික වටයේ පැවැති තරගවලදී ඔෂිනි හමුවේ එංගලන්ත, ඉන්දීය සහ රුසියානු ක්‍රීඩිකාවන් පිරිසක් පරාජය විය.

ඒ අනුව ඇය සමග අවසන් තරගයට එක් වූයේ, අමෙරිකාවේ මේගන් පැරගුවා ක්‍රීඩිකාවයි.