ලාංකීය චෙස් රැජිනට ලෝක චෙස් සම්මේලනයෙන් සම්මානයක්
ශ්‍රී ලාංකීය චෙස් රැජින යන විරුදාවලියෙන් පිදුම්ලද හිටපු චෙස් ක්‍රීඩිකා සුනීතා විජේසූරියට පසුගියදා ලෝක චෙස් සම්මේලනය විසින් සම්මානයක් ප්‍රදානය කරන ලදී. ඒ ‘ආසියානු චෙස් ක්‍රීඩාවේ කැපී පෙනෙන ක්‍රීඩාව වෙනස් කරන්නා’ වෙනුවෙන් පිදෙන සම්මානයයි.
ජාත්‍යන්තර චෙස් සම්මේලනය විසින් 2022 ‘කාන්තා චෙස් වසර’ ලෙස නම් කර ඇති අතර, කාන්තා චෙස් ක්‍රීඩිකාවන්ගේ සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරීන්ගේ ශක්තිය ඇගයීමට කාණ්ඩ 13ක් යටතේ මෙම සම්මාන ප්‍රදානය සිදුකෙරිණි. ක්‍රීඩා සංවර්ධනය කිරීම සඳහා කැප වූ, වෙනස් කරන්නන් වශයෙන් මහාද්වීප හතරකට මෙම සම්මාන ප්‍රදානය කළ අතර, එහිදියි සුනීතා විජේසූරිය සම්මානයට පාත්‍රවූයේ. ඇයට මෙම සම්මානය හිමිවූයේ ආසියා කලාපයේ රටවල් 58ක් අතරින් වීම විශේෂත්වයකි.
30 වැනි ‘FIDE World Chess Olympiad – 1992’ තරඟාවලියේ රන් පදක්කම්ලාභිනිය වන සුනීතා සුප්‍රසිද්ධ චෙස් ප්‍රවර්ධකවරියකි. එහෙත් අවසන් මොහොතේ මෙම සම්මානය ප්‍රකාශයට පත්කළ නිසා ඇයට පස් වතාවක් ලෝක චෙස් ශූරයා වූ ඉන්දියාවේ ග්‍රෑන්ඩ් මාස්ටර් විශ්වනාදන් ආනන්ද් අතින් සම්මානය ලබාගැනීමට තිබූ අවස්ථාව මඟහැරිණි. කෙසේවෙතත් පසුගිය අගෝස්තු 28 වැනිදා කොළඹ 03 ‘Movenpick’ හෝටල් පරිශ්‍රයේදී ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය අතින් ඇයට එම සම්මානය නැවත ප්‍රදානය කරන්නට කටයුතු කර තිබුණි.