Latest News

අවුරුදු 5ට අඩු දරුවන් 27කට කොවිඩ්

කොවිඩ් 19 වෛරසය ආසාදිත අවුරුදු 5ට අඩු කුඩා දරුවන් 27 දෙනකු ඇතුළු 30කු බණ්ඩාරවෙල ළමා නිවාසයකින් හඳුනාගෙන තිබෙනවා.

බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එම්.ඒ.ආර්. දිසානායක මහතා සඳහන් කළේ, ළමා නිවාසයේ දරුවන් රැකබලා ගැනීමට සිටින නිවාස මාතාවන් ඇතුළු කාර්ය මණ්ඩලය සහ දූ දරුවන් 52කු සම්බන්ධයෙන් කළ ඇන්ටිජන් පරීක්ෂාවකින් මෙසේ 30 දෙදෙනකු ආසාදිතයන් බවට තහවුරුවී ඇති බවයි.

මේ වන විට ආසාදිතයින් ළමා නිවාසය තුලදීම වෛද්‍ය අධීක්ෂණ හා උපදෙස් යටතේ ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

මෙම ළමා නිවාසයේ පරිවාස භාරයේ අවුරුදු 5ට අඩු දරුවන් සිටින බැවින් විශේෂ අවධානය යොමු කළ යුතු ස්ථානයක් බවට හඳුනාගෙන ඇති බවද බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එම්.ඒ.ආර්. දිසානායක වැඩිදුරටත් පවසනවා.