Latest News

15 හැවිරිදි සිසුවිය ගැබිණියක් කළ එක්දරු පියා

15 හැවිරිදි පාසල් සිසුවියක් ගැබිණියක කල එක්දරු පියෙකු ඊයේ (21) බගවන්තලාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු නාවලපිටිය දොලොස්බාගේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ සැකකරුගේ බිරිඳ බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් වත්ත පහල කොටසේ පදිංචිකාරිනියක් වන අතර සැකකරු බිරිඳගේ නිවසට පැමිණි අවස්ථාවේ බිරිඳගේ නැගණිය වන පාසල් සිසුවිය දූෂණය කර ඇතැයි පොලිසිය සඳහන් කළා.

පාසල් සිසුවිය මේ වන විට සය මසක ගැබිණියක් වන අතර ඇයගේ හැසිරිම් රටාව පිළිබඳව සැක සිතූ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය එම පාසල් සිසුවිය බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර පරික්ෂා කිරීමේදී ඇය සය මසක ගැබිණියක් බවට වෛද්‍යවරුන් විසින් තහවුරු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.