සිය දියණිය අපයෝජනය කළ පියාට වසර 16ක සිරදඬුවම්
සිය දියණිය අපයෝජනයට ලක් කළ කොළඹ ප්‍රදේශයේ පියෙකුට අද (29) බරපතල වැඩ සහිතව වසර 16 ක සිරදඩුවම් ලබා දී තිබෙනවා.
ඒ, කොළඹ මහාධිකරණය විසින්.
2016 වසරේ දී අදාළ දැරිය මෙලෙස අපයෝජනයට ලක්ව තිබුණා.
ඒ වනවිට ඇය සිව් හැවිරිදි වියේ පසුව ඇති අතර අසභ්‍ය වීඩියෝ පෙන්වීමෙන් අනතුරුව මෙලෙස ඇයව අපයෝජනයට ලක් කර ඇති බව අධිකරණයේදී අනාවරණ වී ඇත්තේ.