ළමා නිවාසයක දැරියන් 11 දෙනෙකු අපයෝජනය කළ පුද්ගලයෙකු රිමාන්ඩ් කෙරේ
රක්වාන ප්‍රදේශයේ ළමා නිවාසයක දැරියන් 11 දෙනෙකු අපයෝජනයට ලක්කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එම ළමා නිවාසයේ පාලිකාවගේ සැමියාව මාර්තු 8 වෙනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, අදාළ පුද්ගලයා පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
60 හැවිරිදි සැකකරු රක්වාන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සේවකයෙකු බව පොලීසිය පවසනවා.
අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම්වරයාට ලද තොරතුරකට අනුව රත්නපුර පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකරු පසුගිය 24 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.
මේ අතර බරපතළ ලිංගික අපයෝජනයට ලක්වූ බව පැවසෙන දැරියක් ද එම ළමා නිවාසයේ රැඳී සිට ඇති බව වාර්තා වනවා.
එම දැරියට වයස අවුරුදු 18 ඉක්මවූ පසු පාලිකාවගේ නිවසේ රැඳි සිට පාසල් ගොස් ඇතැයි ද පරික්ෂණවලදී හෙළිවී තිබෙනවා.
අදාළ දැරිය කහවත්ත රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළා.
රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පවත්වාගෙන ගිය එම ළමා නිවාසයේ පාලිකාවද සිද්ධිය අනාවරණය වීමෙන් පසු ඉවත් කර තිබෙනවා.