Latest News

මවගේ අනියම් සැමියා 7 හැවිරිදි දරුවා අපයෝජනය කරයි

තම අනියම් බිරිඳගේ 7 හැවිරිදි පිරිමි දරුවාට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ බව කියන පුද්ගලයකු තලාව පොලිසිය විසින් අත්අඩංගුවට තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මොරගොඩ – තලාව ප්‍රදේශයේ පදිංචි සිටි 26 හැවිරිදි අයෙක්.

ඔහු කම්කරුවකු ලෙස සේවය කළ පුද්ගලයකු බවයි පොලිසිය සඳහන් කලේ.

අපයෝජනයට ලක්වූ දරුවාගේ මව පළමු විවාහයෙන් පසු මෙම සැකකරු සමග අඹුසැමියන් ලෙස ජීවත්ව සිට ඇති අතර එම මෙම යුවළට දාව තවත් දරුවකු ද සිටින බවයි වාර්තා වන්නේ.

අදාළ කාන්තාව විසින් රෙදි සේදීමට නිවස අසල ඇති ජල කරාමය ළඟට ගොස් නැවත පැමිණෙන අවස්ථාවේදී සැකකරු විසින් තම දරුවාගේ ඇඳුම් ගලවා තිබෙන අයුරු දැකීමෙන් පසු ඒ පිළිබඳව දරුවාගෙන් කළ විමසීමකදී මෙම සිද්ධිය අනාවරණය වූ බව දරුවාගේ මව පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තලාව පොලිසිය සිදු කරනවා.